තමන්ගේ විවේක කාලයේ පාලනය අතට ගන්නේ කොහොමද?
හැම සතියකම පැය 168ක් තියෙනවා. වඩාත්ම වැදගත් දේ වෙනුවෙන් අපි වෙලාව හොයාගන්නේ කොහොමද? කාල කළමනාකරණ විශේෂඥ ලෝරා වැන්ඩර්කැම අධ්‍යනය කරනවා කොහොමද කාර්යබහුල මිනිසුන් තමන්ගේ ජීවිත ගතකරන්නේ කියලා. ඇය සොයාගෙන තිබෙනවා අපි බොහෝදෙනා, අපේ සතියේ කැපවීම් ඉතා දැඩි ලෙස අධිතක්සේරු කරනවා කියලා, අපිට ලැබී තිබෙන කාලය අවතක්සේරු කරලා. ඇය කියාදෙනවා, ප්‍රායෝගික උපායයන් කිහිපයක්, අපිට වැදගත් වන දේ වෙනුවෙන් වැඩිපුර කාලය සොයාගැනීමට. එවිට අපිට හැකියි, අපිට තිබෙන කාලය තුල අපිට අවශ්‍ය ලෝකය තනාගන්නට.

