ප්ලාස්ටික් මඟින් සිදුවන සාගර දූෂණය හා අන්ත දුගීබව යන ගැටළු දෙකම එක වර විසඳිය හැකිද? ප්ලාස්ටික් බැංකුවේ මහඟු ඉලක්කය එයයි: ඉවත ලන ප්ලාස්ටික් වලට පාසල් ගාස්තුවල සිට පිසීමේ ඉන්ධන හා අනෙකුත් ද්‍රව්‍ය හුවමාරැ කර ගත හැකි ලෝ වටා පිහිටි වෙළෙඳසැල් ජාලයක්. අනතුරුව මේ ප්ලාස්ටික් වෙන් කර, කැබලි කර මේ “සමාජ ප්ලාස්ටික්” තමන්ගේ නිපැයුම් වලට යොදාගන්නා සමාගම් වලට අලෙවි කෙරේ. කවාකාර ආර්ථිකය පියවන මේ පියවර ගැන වැඩි තොරතුරු දැන ගැනීමට ඩේවිඩ් කැට්ස් සමඟ එක් වන්න. “සාගරයේ ප්ලාස්ටික් වළක්වන එක මනුෂ්‍යත්වයේ ඉසුරුමත්ම අවස්ථාව විය හැකියි,” කැට්ස් පවසයි.
